ජාතික ප්‍රතිපත්ති

නිදහසින් වසර 72ක් ක් ගත වී ඇති මේ මොහොතේ එතෙක් මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින් ඊට සම්බන්ධ වූ රාජ්‍ය නිලධාරීන් සහ සමස්ත පුරවැසියන් මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳ ආපසු හැරී බැලිය යුතු සංධිස්ථානයකට අද වන විට අප රට පැමිණ ඇත. රටේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව සහ එහි සාර්ථක අසාර්ථකභාවය පිළිබඳවත්, එකී සංවර්ධන ක්‍රියාවලිය අනුගමනය කරනු ලැබූ ප්‍රතිපත්ති පිළිබඳවත් නැවත නැවතත් අධ්‍යයනය කල යුතුය එක් එක් කාලයට බලයට පැමිණෙන්නන්ගේ පුද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීම හරහා ඇතිව පවතින තත්වය ගැන අමුතුවෙන් පෙන්වාදිය යුතු නොවේ

මෙවන් සමාජ ආර්ථික වටපිටාවක් තුළ අද රටට අවශ්‍ය කරන ජාතික ප්‍රතිපත්ති මොනවාද? ඒවා කුමන ක්ෂේත්‍රවල කුමන ආකාරයකට සකස් කළ යුතුද යන්න සමාජ කතිකාවට ගැනීමත්, එම කතිකාව හෙළිකර සමාජයේ සෑම පර්ශවයක්ම දැනුම්වත් කරමින්ඉදිරියේදී පාලනය කිරීමට අපේක්ෂා කරන දේශපාලන අධිකාරිය වෙත සැලැස්මක් ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි

ජාතික ප්‍රතිපත්තියක් යනු එක පක්ෂයකට , කණ්ඩායමකට හෝ කල්ලියකට අයිති දෙයක් නොවන අතර එය සියලුම පක්ෂ , සංවිධාන , හා පුරවැසියන් ගේ ඒකරාශිත්වයෙන් සැදිය යුතුයයි අප විශ්වස කරමු. මෙම ජාතික ප්‍රතිපත්ති ගොඩනැංවීමේ ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් කීපයක් හරහා ක්‍රියාත්මක කිරීමට අප බල පොරොත්තු වෙමු.

පළමු අදියර – සැලසුම්

පළමු අදියර ලෙස දැනට පවතින සහ කලින් පැවති අමාත්‍යංශ , ඒ තුල පවතී ආයතනයන් , අනාගතයේදී ඇතිවන අවශ්‍යතා පිලිබදව සිදු කරන ලද අධ්‍යනයකින් අනතුරුව මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පහත සදහන් අමාත්‍යංශ 22 හදුනාගන්න ලදී.

මෙම අමාත්‍යංශ සඳහා පරපුරක බලය තුල නායකත්වය දරන 22 දෙදෙනෙක් වෙන් වෙන් වශයෙන් තොරා පත්කරගන්නා අතර ඒ 22 දෙදෙනා සමග කටයුතු ක්‍රීමට අදාල ක්ශෙත්‍රවල ප්‍රවීනයන් 22 දෙදෙන්ක් ද එක් ක්ශෙත්‍රයක් සඳහා තවත් 10 දෙනෙකු බැගින් 220 දෙනෙක්ද මූලික වශයෙන් පත්කරනු ඇත. මේ සමස්ථය බද්ධ කිරීම සඳහා 25 දෙනෙකුගෙන් සමන්විත ජාතික කමිටුවක් පත් කරනු ඇත. ඒ අනුව මූලික ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය (22+22+220+25) 289 දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙය කිසි සේත්ම අවසන් යෝජාන්ව නොවන අතර මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමේදී ඇතිවන සන්වධයන් සිදු කරන අධ්‍යනයන් වල ප්‍රතිපලයක් ලෙස නව අමාත්‍යංශ ඇති කිරීම , අමාත්‍යංශ එකතු කිරීම හෝ කොටස් වලට කදිම සිදු කරනු ඇත.

1. ආරක්ෂක අමාත්‍යංශය  – Ministry of Defence

රටෙහි පැවැත්මට දේශීය හා විදේශීය වශයෙන් එල්ල විය හැකි සියලු උපද්‍රව කළමනාකරණය කිරීම, සියලුම වැසියන්ගේ සහ සම්පත් වල ආරක්ෂාව තහවුරු කිරීම. සියලුම ආරක්ෂක අංශවල වෘතිය ගරුත්වය ආරක්ෂා කිරීම සහ නිපුනතාවය හා ගුණාත්මක භාවය පවත්වාගෙන යාම. 

2. ආර්ථික සංවර්ධන, මුදල් සහ ආයෝජන අමාත්‍යංශය  – Ministry of Economic Development, Finance and Investments

ආර්ථිකය කෙටි, මධ්‍යම සහ දීර්ඝකාලීනව සැලසුම් කිරීම , ආයෝජනයන් කිරීම , මුදල් පාලනය , විගණනය සහ ආර්ථිකය විධිමත්ව වර්ධනය කිරීම.

3. අධ්‍යාපන සහ කුසලතා සංවර්ධන අමාත්‍යංශය  – Ministry of Lifelong Education and Skills Development

සියලුම පුරවැසියන්ගේ අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය ජීවිතය පුරාවටම තහවුරු කිරීම . පෙරපාසල්, පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය කුසලතා සංවර්ධන ආයතන, අධ්‍යාපන වැඩසටහන් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, කළමනාකරණය සහ දීර්ඝකාලීනව පවත්වා ගෙන යෑම; ඒ සඳහා අවශ්‍ය මානව සම්පත සහ තාක්ෂණය සංවර්ධනය කර කළමනාකරණය කිරීම.

4. තිරසාර ආහාර නිෂ්පාදන අමාත්‍යංශය  – Ministry of Sustainable Food Production

ආහාරයෙන් කෙටිකාලීනව සහ දීර්ඝකාලීනව ස්වයංපෝෂිත , සියලු කෘෂි සහ සත්ත්ව කර්මාන්ත ව්‍යවසායී ලෙස වර්ධනය කර කළමනාකරණය කිරීම; අතිරික්ත ආහාර අපනයනය කර විදේශ විනිමය ඉපැයීම (තේ, පොල්, උක් සහ අනෙකුත් බෝග ඇතුළත්ව). රටට ගැලපෙන ආහාර ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ ආහාර සුරක්ෂිත තාවය තහවුරු කිරීම 

5. ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය – Ministry of Enterprise Development

කෘෂි සහ සත්ත්ව කර්මාන්ත හැරුණු විට අනෙකුත් සියලු කර්මාන්තයන්  (කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසාය ) සංවර්ධනය කිරීම; දේශීය සහ විදේශීය පරිභෝජනය සඳහා නව්‍යකෘත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර සැපයීම සහ ඒ හරහා විදේශ විනිමය ඉපැයීම. කර්මාන්ත නවීකරණය , අමුද්‍රව්‍ය , කම්කරු සුරක්ෂිත තාවය ඇතුළු කර්මාන්ත හා වෙළද කෙශ්ට්‍රයන්ට අයත් සියලුම කටයුතු කළමනාකරණය කිරීම 

6. නගර, ගම්මාන, මාර්ග, ගොඩනැගිලි සහ නිවාස සංවර්ධන අමාත්‍යංශය – Ministry of Cities, Villages, Roads, Buildings and Housing Development

නගර සහ ගම්මාන සැලසුම් කර, සංවර්ධනය කර, පවත්වා ගෙන යෑම; එම නගර සහ ගම්මාන විධිමත්ව සම්බන්ධ කරන මාර්ග පද්ධතිය සැලසුම් කිරීම, ඉදි කිරීම සහ නඩත්තු කිරීම; ලොකු කුඩා ගොඩනැගිලි සහ නිවාස සැලසුම් කිරීම, ඉදි කිරීම සහ නඩත්තු කිරීම. රටෙහි සංවර්ධනයට අවශ්‍ය භෞතික සැලසුම් කලමනාකරණය කිරීම ,  නාගරික සංවර්ධන,, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කලමනාකරණය 

7. අධිකරණ , නිතිය හා සාමය  සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය – Ministry of Internal Affairs

සියලු අභ්‍යන්තර කටයුතු, නීතිය, සාමය සහ සියලු ජනතාව අතර සම්බන්ධතාවය පවත්වාගෙන යෑම.

8. සෞඛ්‍ය සහ පෝෂණ සංවර්ධන අමාත්‍යංශය – Ministry of Health and Nutrition Development

සියලු වැසියන්ගේ සියලු සෞඛ්‍ය සහ පෝෂණ අවශ්‍යතා හඳුනාගැනීම සහ සපුරා ලීම (දේශීය, ආයුර්වේද, බටහිර වෛද්‍ය ක්‍රම සහ අදාළ රෝහල් ඇතුළත්ව). නිරෝගී ජනතාවක් වෙනුවෙන් රෝග සුවකිරීම මෙන්ම රෝග වලක්වා ගැනීම පිළිබදවද අවධානය යොමු කිරීම 

9. ප්‍රවාහන සේවා සංවර්ධන අමාත්‍යංශය – Ministry of Transport Services Development

සියලු අභ්‍යන්තර සහ බාහිර ප්‍රවාහන සේවා සැලසුම් කිරීම, කළමනාකරණය සහ අනාගතයට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීම (ගුවන් සහ නාවික ප්‍රවාහන ඇතුළත්ව). මාර්ග සංවර්ධනය , බස් රථ හා දුම්බ්රිය ඇතුළු පොදු සහ සියලු පුද්ගලික ප්‍රවාහන මාධ්‍යන්ද ඇතුලත්ව 

10. බලශක්ති සංවර්ධන අමාත්‍යංශය – Ministry of Energy Development

බලශක්ති අවශ්‍යතාවය නිරන්තරයෙන් සපුරා ලීම; වසර 2035 වන විට රටේ  පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම. නව බලශක්ති ප්‍රභවයන් හදුනාගැනීම , පවතින ප්‍රභවයන් නිසියාකාරව භාවිතා කලමන්කරණය 

11. පරිසර ආරක්ෂණ සහ සංවර්ධන අමාත්‍යංශය – Ministry of Environmental Protection and Development

සමස්ත සහ සියලු පරිසර පද්ධතීන් (වනසතුන් සහ සාගරය ඇතුළත්ව) ආරක්ෂා කිරීම; පරිසර දූෂණය වැළැක්වීම; පාරිසරික සම්පත් සංවර්ධනය කිරීම  සංවර්ධනය සහ පරිසරය නිසි ලෙස සමතුලිතව පවත්වාගෙන යාම 

12. බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ අමාත්‍යංශය – Ministry of Protecting and Fostering Buddha Shasana

පටු දේශපාලන වැසි වෙනුවෙන් පාලකයන් විසින් විනාශ සහ විකුර්ති කරන ලද බුද්ධ ධර්මය , නිසි ලෙස සංරක්ෂණය කර මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම. 

13. ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍යංශය – Ministry of National Heritage ( පුරාවිද්‍යා, ,සංස්කෘතික කටයුතු සහ කලාවන් පිලිබඳ අමාත්‍යංශය Ministry of Archaeology, Cultural Affairs and the Arts)

ශ්‍රී ලංකාවට ආවේනික වූ සංස්කෘතිය, කලාව, නිර්මාණ, ආහාර වට්ටෝරු, සටන් කලා, වෛද්‍ය ක්‍රම, ගොවිතැන් ක්‍රම, ශිල්ප ක්‍රම සහ අධ්‍යාපන ඇතුලු ආවේනික සියලු දේ අදුරාගෙන සුරක්ෂිත කිරීම.

සංස්කෘතික විවිධත්වය ඔප් නැංවීම, සංස්කෘතික සම්බන්ධතාවය වර්ධනය කිරීම, සියලු කලාවන් වර්ධනය කිරීම. සියලු පුරාවිද්‍යා ස්ථාන, වස්තූන් සහ ඓතිහාසික තොරතුරු සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.

14. ආපදා වැළැක්වීම සහ කළමනාකරණ අමාත්‍යංශය – Ministry of Disaster Prevention and Management

කෙටි සහ දීර්ඝකාලීන අනාගතයේ ඇති විය හැකි සියලු ස්වභාවික සහ මිනිසා විසින් නිර්මිත ආපදා වැළැක්වීම හෝ බලපෑම අවම කිරීම; ආපදා ඇති වූ විට ඒවා කළමනාකරණය කිරීම.

15. විදේශ කටයුතු අමාත්‍යංශය – Ministry of Foreign Affairs

විදේශ රාජ්‍යය අතර නොබැඳුනු, මිත්‍රශීලී සහ ව්‍යවසායී සම්බන්ධතාවයන් පවත්වාගෙන යෑම (විදේශ සේවා ඇතුළත්ව)

16. ඛනිජ සහ ජල සම්පත් සංවර්ධන අමාත්‍යංශය – Ministry of Minerals and Water Resources Development

සියලු ඛනිජ සම්පත් සහ ජල සම්පත් සමීක්ෂණය කිරීම; ඒවා තිරසාර ලෙස ප්‍රයෝජනයට ගැනීම හෙවත් අනාගතය වෙනුවෙන් ඉතිරි කර පරිභෝජනයට ගැනීම; ඒවාට අගය එකතු කර අපනයනය කර විදේශ විනිමය ඉපැයීම. 

17. තොරතුරු සහ සන්නිවේදන අමාත්‍යංශය – Ministry of Information and Communications

සියලු මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික සහ සමාජ මාධ්‍ය පවත්වාගෙන යෑම; සියලු සන්නිවේදන සේවා පවත්වාගෙන යෑම (දුරකථන, තැපැල් ඇතුළත්ව).

18. ක්‍රීඩා සංවර්ධන අමාත්‍යංශය – Ministry of Sports Development

සියලු ක්‍රීඩා සැලසුම් සහගතව සංවර්ධනය කිරීම. ග‍්‍රාමීය හා පාසල් ක‍්‍රීඩා යටිතල පහසුකම් ප‍්‍රවර්ධන, ජාත්‍යන්තරය තුල ජයග්‍රහණය ලැබිය හැකි වෘතිය ක්‍රීඩකයන් බිහි කිරීම 

19. නව්‍යකරණ,තාක්ෂණ ,  සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍යංශය – Ministry of Innovation, Technology , Integration and Monitoring

සියලු අමාත්‍යංශ , දෙපාර්තුමේන්තු සහ රාජ්‍ය ආයතන වෙනුවෙන් නව්‍යකරණය සඳහා පහසුකම් සැපයීම, ඒ ආයතන අතර සම්බන්ධීකරණය; එම ආයතනයන් හී ප්‍රගතිය අධීක්ෂණය කර වාර්තා කිරීම. ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවෙන් සැලසුම් සකස් කිරීම 

20. සංචාරක කර්මාන්තය

සංචාරක කර්මාන්තය දියුණු කල හැකි අවස්ථා හදුනාගැනීම , සැලසුම් සකස් කිරීම සහ නව රැකියා අවස්ථා ඇතිකිරීම 

21. ධිවර සහ ජලජ සම්පත්   

ධීවර සහ ජලජ සම්පත් තිරසරභාවයෙන් යුක්තව පවත්වා ගනිමින් ධීවර ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම හරහා ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබාදීම.

22. පුරවැසි අමාත්‍යංශය 

ළමා , කාන්තා , තරුණ සහ වැඩිහිට්යන සියලුම පුරවැසියන්ගේ පිලිබදව කටයුතු කිරීම. ඔවුන් සතු ආගමික නිදහස ඇතුළු නසියලුම  නිදහස, අයිතීන් සහ යුතුකම් පිලිබඳ කටයුතු කිරීම. සියලු පුරවැසියන් ගේ සමාජ සේවා කටයුතු ඇතුළු සියලුම කාරයන් කළමනාකරණය 

දෙවන අදියර – පර්යේෂණ හා අධ්‍යයන

ශ්‍රීලංකාව තුල සහ වෙනත් රටවල වර්තමයේ මෙම ක්ෂේත්‍රයන් පිළිබධව අධ්‍යනය කිරීම

තෙවන අදියර – අදහස් හා යෝජනා

විෂය ප්‍රවීණයන්ගෙන් අදාල ක්ශේත්‍රවල නිරත වන්නන්ගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් අඅදහස් ලබා ගැනීම්

සිව්වන අදියර – කෙටුම්පත සම්පාදනය

සියලු අධ්‍යනයන් , අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන කෙටුම්පත පිළියෙළ කිරීම

පස්වන අදියර – කෙටුම්පත ජනගත කිරීම

පළමු කෙටුම්පත ජනගත කිරීම , කෙටුම්පත අධීක්ෂණය සහ වැඩිදියුණු කිරීම

හයවන අදියර – ජනගත කිරීම

අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීම ,